MAP

පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය





මහ පැරකුම් නිරිුන් විසින් කළා වූ පරාක්‍රම සමුද්‍ර වාරි කර්මාන්තය වු කළි එය දුරාතීතයකට උරුම කම් කියයි. එසේම එය සුවිශාල වාරි ව්‍යාපාරයක් ලෙසද හුන්වා දිය හැකි අතර  නැගෙනහිරින් පොළොන්නරුව නගරයත් දකුණින් කලහගල ගම්මානයත් උතුරින් හබරණ ප්‍රදේශයත් බටහිරින් සුදු කන්දෙන් ද ආවරණය වු මනරම් වාරි ව්‍යාපාරයකි. මෙය ක්‍රි.ව.1153-1186 අතර කාලයේදී පොළොන්නරු යුගයේ රජ කළ ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැලකෙන මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදි. එය නිර්මාණය කිරිමේදී එක් වැවක් නොව වැව් කිපයක් ඒකාබද්ධ කොට නිර්මාණය කිරිම එහි සුවිශේෂි ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම පරාක්‍රම සමුද්‍රය පිළිබද කතා කිරිමේදී එහි ඇළ පද්ධතිය ප්‍රධාන ඇළ මාර්ග තුනකින් සමන්විත වන අතර ඊට ආවේණික වු මුලික ලක්ෂණයන්ද දැක ගත හැකිය. මිට අමතරව අවස්ථා ගණනාවකදීම මේ වැව ප්‍රතිසංස්කරණ වලට භාජනය වි ඇත. එමෙන්ම පෞරාණික වටිනාකමක් පවතින අංගමැඩිල්ල අමුණ හා භූ වැවේ සොරොව්වද අතීතයේදී  භාවිත වූ අදටත් ශේෂව පවතින පැරණි වාරි නිර්මාන ලෙස හදුන්වා දිය හැක.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඉතිහාසය.

ක්‍රි.ව. 6 වන සියවසේ රජ කරන ලද පළමුවන උපතිස්ස රජු විසින් කරවන ලද තෝපා වැව තව දුරටත් පෝෂණය කිරිම සදහා ක්‍රි.ව. 1153-1186 රජ කරන ලද පරාක්‍රමබාහු රජු විසින් මහවැලි ග‍‍‍‍ගේ ප්‍රධාන අතු ගංගාව වන අඹන් ගගේ අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් කරවා අකාශ ග නොහොත් අංගමැඩිල්ල යෝධ ඇළ හරහා තෝපා වැවට ජලය රැගෙන ගිය අතර පසුව තෝපා වැව තව දුරටත් පුළුල් කර එයට එරබදු, වැව, දුබුතුලු වැව, කලහගල වැව හා භූ වැව එකතු කර  මහා සාගරයක් බදු වූ ඒ මහා නිර්මාණය වන පැරකුම් සමුදුර අපට දායාද කර දී ඇත.
            මේ මහා සමදුරේ විශාලත්වය විදහා දැක්විම සදහා මින්නේරිය, කන්තලේ, ගිරිතලේ හා තවත් වැව් බැමි වල දුර හා සසා ගව් කණු පිහිටුවා ඇති අතර එරබදු වැවෙහි හා දුබුතුලු වැවෙහි තවමත් මෙම ගව් කණු දැක ගත හැකිය. තවද වාරි තාක්ෂණයේදී යොදා ගත් පැරණි තාක්ෂණික ක්‍රම පිළිබදව අවධානය යොමු කිරිමේදී සැළකිය යුතු නටබුන් ප්‍රමානයක් මෙහිදි දැක ගත හැකි විමද විශේෂයකි.


වැව හා බැුනු කෘෂිකර්මාන්තය.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය මගින් නිත්‍යනුකූලව වගා කරණු ලබන අක්කර ප්‍රමාණය 19,632 වුවත් අක්කර 25,188 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක වී ගොවිතැන සිදු කරයි. මෙමගින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 12,137කි.  මීට අමතරව ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ කතා කිරිමේදී සමස්ථයක් වශයෙන් ගත්කල එය අප රටේ වී නිෂ්පාදනයෙන් 5 % ක දායකත්වයක් ලබාදෙන අතර වර්ෂයක් තුළ යල - මහ කන්න දෙක තුළින්  වී බුසල් ලක්ෂ 5,500,000 ක් නිෂ්පාදනය කරනු ලබයි. සාමාන්‍යයෙන් වී අස්වැන්න යල කන්නයේදී අක්කරයට බුසල් 100 -130 වන අතර මහ කන්නයේදී අක්කරයට බුසල් 97-110 පමණ වේ. එය වර්ෂයකට රුපියල්  බිලියන 4.4ක දායකත්වයක් ජාතික ආර්ථිකයට සපයනු ලබයි. මේසා විශාල ප්‍රමාණයක දායකත්වයක් දක්වන මෙම ව්‍යාපාරය තුළින් බොහෝ රැකියා අවස්ථාවන් නිර්මාණය වී ඇත.
උදාහරණ ලෙස වී ගොවිතැන, අතිරේක බෝග වගාව, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය, ගෙවතු වගාව, සත්ව පාලනය ආදි රැකියා මෙන්ම පානීය ජල අවශ්‍යතාද දැකිය හැකිය. සංචාරක ආකර්ශණය අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන වස්ගමුව ජාතික වනෝද්‍යානය මේ තුළ පිහිටිම නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද අවධානයට සහ ආකර්ෂනයට ලක්ව ඇත. එයද ජාතික ආර්ථිකය පෝෂණය කිරිමෙහිලා මහු දායකත්වයක් ලබා දේ.

·         වැවේ විස්තර
v  ජල ධාරිතාවය 116,100 (අක්කර අඩි)
v  ජලය පැතිර ඇති වපසරිය අක්කර 6,500ක් පමණ
v  වගා කරන මුළු භූමි ප්‍රමාණය අක්කර 28,000ක් පමණ
v  ගංඟා ද්‍රෝණිය මහවැලි සහ අබන් ගඟ
v  ගොවි පවුල් ප්‍රමාණය 20,000ක් පමණ